පොලිස් කොස්තාපල් රියදුරු මහතුන් සඳහා නව රක්ෂණ ක්‍රමයක්

Share

පොලිස් දෙපාර්තමේන්තුවේ දස දහසකට ආසන්න ප්‍රමාණයක් වු පොලිස් කොස්තාපල් රියදුරු මහතුන් සඳහා නව රක්ෂණ ක්‍රමයක් රජයේ වියදමින් ලබාදීමට පියවර ගෙන තිබේ. නීතිය හා සාමය සහ දක්ෂීණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසන්නේ මෙම රක්ෂණ ක්‍රමයෙන් පොලිස් කොස්තාපල් රියැදුරු මහතුන්ගේ සේවයට මෙන්ම ඔවුන්ගේ ජීවිත ආරක්ෂාවටද විශේෂ ප්‍රතිලාභයක් සැලසෙන බවයි.

2018 වසර ආරම්භයත් සමග මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. පසුගිය කාලය පුරා රට තුළ සිදුවු විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා, අපරාධ, උද්ඝෝෂණ ඇතුළු පොලිස් නිලධාරීන්ගේ ජීවිත බිලිගත් සිදුවීම් වලදී ඔවුන්ට අනතුරු සිදුවූ අතර ඇතැම් අයගේ ජීවිත පවා අහිමි විය.

එවැනි සිද්ධියකින් මිය යන හෝ තුවාල ලබන පොලිස් රියැදුරන් වෙනුවෙන් රජයෙන් ලැබෙන යම්කිසි දීමනාවක් හැර වෙනත් දෙයක් නොලැබෙයි. මෙම රක්ෂණ ක්‍රමයෙන් ඉදිරියේදී ඔවුන්ට සිදුවූ හානියට ගැළපෙන පරිදි රක්ෂණ වන්දියක් හිමිවෙයි.

එම රක්ෂණය සඳහා පොලිස් නිලධාරීන්ගේ වැටුපෙන් කිසිදු මුදලක් අය නොකෙරෙන අතර එම රක්ෂණය සඳහා වාරික ගෙවීම රජයේ වියදමින් සිදුකෙරේ.

Read more

Local News