ජොන්ස්ටන්ගේ නඩුවක් කැඳවන්න ජනවාරි මසට දින දෙයි

Share

රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කළ නඩුවක් ජනවාරි මස 20 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එම නඩුව අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කරනු ලැබුවේය.

එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ විභාගය අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව නඩුව නැවත ජනවාරි මස 20 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය.

ස.තො.ස ආයතනයට අයත් සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

Read more

Local News