ගතවු මාස 09 තුළ එච්.අයි.වී ආසාදිතයින් 3393 ක්

Share

මෙම වසරේ ගතවු මාස 09ක කාලය තුළදී එච්.අයි.වී ආසාදිතයින් 3393 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පසුගිය වසර අවසානය වනවිට එච්.අයි.වී ආසාදිතයින් 1574 දෙනෙකු රජයේ රෝහල්වල ලිංගාශ්‍රිත රෝග සායනවලින් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

එච්.අයි.වී ආසාදනය ඇති බව හඳුනා ගැනීම සිදුකළ හැකිවන්නේ එච්.අයි.වී සඳහාම සිදුකරන රුධිර පරීක්ෂණයකින් පමණක් වන අතර අසාදිත පුද්ගලයින්ට අවශ්‍ය ප්‍රතිවෛරස් ඖෂධ රජයේ රෝහල් මඟින් නොමිලේ ලබා ගත හැකි වෙයි.

සෑම වසරකම දෙසැම්බර් මස පළමුවනදාට ලෝක ඒඩ්ස් දිනය යෙදී ඇත.

Read more

Local News