ජනපති ගෝඨාභය ඉන්දීය අගමැති හමුවෙයි

Share

ඉන්දියාවේ සංචාරයක නිරත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරියේදී සිදුවිය.

මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් කෙටි සටහනක් තබන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසන්නේ සිය පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවට පැමිණි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට ලැබීම සතුටක් බවයි.

එසේම ජනපතිවරයාගේ ඉන්දීය සංචාරය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කාලය පරීක්ෂා කළ සබඳතාවලට සාක්ෂියක් බවත් එය දෙරටේ බැඳීම් ශක්තිමත් කිරීමට මෙන්ම හවුල්කාරිත්වයට ශක්තියක් වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

Read more

Local News