පිලිපීනයට මරු කැඳවූ ටෙම්බින් සුළි කුණාටුව අද වියට්නාමයට

Share

පිලිපීනයේ පුද්ගලයින් 230 කට මරු කැඳවූ ටෙම්බින් සුළි කුණාටුව අද අලුයම වියට්නාමයට කඩාවැදී ඇති බවත්, සුළි කුණාටුවෙන් සිදුවිය හැකි ආපදා අවම කර ගැනීමේ අරමුණින් වෙරළාශ්‍රිතව පදිංචි මිලියනයකට අධික පිරිසක් තාවකාලික කඳවුරුවල රැඳවීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

වියට්නාම කාලගුණ බලධාරීන් මුහුදු ගොස් සිටින ධීවරයින්ට දැනුම් දී ඇත්තේ කඩිනමින් ළඟම ඇති ධීවර වරායට පැමිණෙන ලෙසයි. මුහුදු බඩ ප්‍රදේශවල සියලු පාසල් හා රජයේ ආයතන දින දෙකක් සඳහා වසා දමා තිබේ.

Read more

Local News