බීඩි කොළ තොගයක් නාවික හමුදාව සොයා ගනී

Share

නාවික හමුදාව විසින් අද (29) අළුයම ඉළුප්පුකඩවායි වෙර‍ළේ සිදුකළ සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 303 ග්‍රෑම් 900 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

ඒ අනුවනාවික හමුදාව විසින් ඉළුප්පුකඩවායි වෙරළ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී වෙරළේ අතහැර දමා ගොස් තිබූ මෙම බීඩි කොළ තොගය සොයා ගෙන තිබේ.

ඒවා පාර්සල් අටක් තුල අසුරා තිබියදී මෙලෙස සොයාගෙන ඇත.

සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනයරේගු කාර්යයාලය වෙත භාර දීමට නියමිතය.

එමෙන්මපසුගිය දින කිහිපය පුරා උතුරු මැද නාවික විධානය සිදු කළ සෝදිසි කිරීම්වලදී මෙලෙස අතහැර දමා ගොස් තිබූ බීඩි කොළ විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වූ අතරනාවික හමුදාව විසින් සිදු කරනු ලබන අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් මෙම බීඩි කොළ තොගය අතහැර දමා පලායන්නට ඇති බවට සැක පළ කෙරේ. 

Read more

Local News