ජයවර්ධනපුර සරසවි සිසුන් නිපදවූ විශ්මිත තොප්පියක්

Share

සුප්‍රකට ළමා චිත්‍රපට කතා මාලාවක් වන හැරී පෝටර් පැළඳ සිටින විස්මිත තොප්පිය ආකෘතියේ නව නිපැයුමක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ව්ද්‍යා පීඨයේ පරිගණක විද්‍යා අංශයේ සිසුන් විසින් නිපදවා තිබේ.

එය 11 වැනි ජාත්‍යන්තර රොබෝටික් තරඟාවලියට ඉදිරිපත් කර ඒ සඳහා පළමු ස්ථානය දිනා ගැනීමට ද සමත් වී ඇත.

ඒ.සී. ගම්මන්පිල, ඒ.පී. විජේසිංහ, ටී.එන්. වන්නිආරච්චි, ඊ.එම්.වී.එන්. අමාජීව, ඩී.වයි.ජයසිංහ සහ පී. රවීන්ද්‍ර, එස්. ද. සිල්වා යන සිසුන් කණ්ඩායම මෙම නව නිපැයුම සඳහා දායක වී තිබේ.

මෙම ජාත්‍යන්තර රොබෝටික් තරගාවලිය ඉකුත් නොවැම්බර් මස 26 වැනිදා සිට 29 වැනිදා තෙක් ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවර පැවත්විය.

ඒ සඳහා යුරෝපය, ආසියාව සහ අමෙරිකාව නියෝජනය කරමින් පිළිගත් විශ්වවිද්‍යාල රැසක සිසුන් පිරිස් සහභාගී වී තිබේ.

Read more

Local News