රන්ජන් එජාපයෙන් නාමයෝජනා ලැබෙයිද ?

Share

මීළඟ මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තමන්ට නාම යෝජනා නොදෙන බවට සඳහන් කර ඇති බවත් එසේ නාම යෝජනා නොදෙන්න තමන් කළ වරද කුමක්දැයි යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රශ්න කළේය.

 

තමන්ට නාම යෝජනා නොලැබුණහොත් ස්වාධීනව මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් එයින් පරාජයට පත්වුවහොත් නැවතත් රංගන ක්ෂේත්‍රයට යොමුවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

“දැන් කියලා තියෙනවා මට නාමයෝජනා දෙන්නේ නෑ පක්ෂයෙන් කියලා. එහෙම කරන්න මම කරපු වරද මොකක්ද? මම මගේ කාර්ය මණ්ඩලයට ඥාතීන්ව දාලා නෑ, මම බැඳුම්කර වංචාවට සම්බන්ධ නෑ, මම අලෝෂියස්ට කෝල් දීලා නෑ, මුදල් අරගෙන නෑ, කුඩු විකුණනා නෑ, එතනෝල් ගෙනල්ලා නෑ, මිනී මරලා නෑ, හොරකම් කරලා නෑ, නිල නිවාස අරගෙන නෑ, මට ලැබුණ පර්මිට් එක විකුණලා ඒ සල්ලි පදනමකට දාලා මිනිස්සුන්ට උදව් කරනවා.

මම කරපු වරද මොකක්ද මගෙන් මෙහෙම පළි ගන්න. මම ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක්ට අපහාස කළාලු. මම සියලුම ගරුතර මහා සංඝරත්නයට නෙමෙයි මේක කිව්වේ. තිත්ත ඇත්ත කථා කරන කෙනෙක් විදිහට මම කියපු දේ ඇත්ත. මම කියපු දේ වෙනුවෙන් පෙනී ඉන්නවා.

මට නාම යෝජනා දුන්නේ නැත්නම් මම පක්ෂය මාරු කරන්නේ නෑ. මම ස්වාධිනව ඉල්ලනවා. ගම්පහින් හෝ කොළඹින් හෝ කොහෙන් හරි. අදාළ ඡන්ද සංඛ්‍යාව ජනතාව දුන්නොත් මම පාර්ලිමේන්තු යනවා. නැත්නම් ගෙදර ගිහින් රංගන ශිල්පියෙක් ලෙස මගේ භූමිකාව කරනවා.”

Read more

Local News