ගංවතුරට කොටුවූවන් මුදාගත් හෙලිකොප්ටරය අනතුරක

Share

දකුණු ප්‍රංශයේ ගංවතුරට හසු වූ පුද්ගලයන්ට උපකාර කිරීමේ මෙහෙයුමක සිටි ගලවා ගැනීමේ භටයන් තිදෙනෙකු ඔවුන්ගේ හෙලිකොප්ටරය මර්සෙයි අසලදී අනතුරට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඉරිදා රාත්‍රියේ ගලවා ගැනීමේ හා නිරීක්ෂණ හෙලිකොප්ටරයක ඔවුන් ගමන් කරමින් සිටියදී එහි සම්බන්ධතාව බිඳවැටුණු බව බලධාරීහු පවසති.

අනතුරට ලක්වූ හෙලිකොප්ටරය සහ කාර්ය මණ්ඩලය තිදෙනා රෝව් නගරය අසලදී සොයාගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වේ.

ගිනිකොනදිග ප්‍රංශයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් දැඩි ගංවතුර හා මරණ 6යක් පසුගිය සතියේ වාර්තා වූ අතර, තුවාල ලැබූවන්ද වාර්තා විය.

නිවේදනයක් නිකුත් කරමින් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ක්‍රිස්ටෝෆ් කැස්ටනර් සහ ඔහුගේ නියෝජ්‍ය ලෝරන්ට් නුවෙස් පවසා සිටියේ මෙම භටයන් තිදෙනා “ප්‍රංශය ආරක්ෂා කිරීම සඳහා සිය දිවි පිදූ වීරයන්” ලෙසයි.

මීදුම නිසා ඉදිරිය පැහැදිලි නොවීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Read more

Local News