රණවිරු පාද යාත්‍රාව ගිනිගත්හේන නගරය පසු කරයි

Share

දශක තුනකට ආසන්න කාලයක් පසුගිය යුද්ධයේදි කුරිරු ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැද රක්ෂිතයට පත් රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නැංවිම, දැස් සහ පාද අහිමි වු යුද / නාවික රණවිරුවන් දෙදෙනෙකු නාගදිපයේ සිට ශ්‍රි පාද කරුණා කරන පාද යාත්‍රාව අද (05) දින නාවලපිටිය ගිනිගත්හේන නගරය දක්වා ගමන් කරනු ලැබිණ.

 

ඉකුත් මස 21 දින යාපනයේ නාගදිපයෙන් ආරම්භ කල පාද යාත්‍රාවේ යෙදෙන ශ්‍රි ලංකා යුධ හමුදා ගජබා රෙජිමේන්තුවේ සමාන්‍ය සෙබල පියතිස්ස සහ ශ්‍රි ලංකා නාවික හමුදාවේ ඩබ්ලිව්.ඩබ්ලිව් කුමාර යන රණවිරුවන් දෙදෙනා ඇතුළු රණවිරුවන් අද දින නාවලපිටිය නගරය වෙත පැමිණියහ.

නාවලපිටිය නගරයේදි මහ සංඝරත්නය විසින් පාද යත්‍රාවේ යෙදෙන රණවිරුවන් දෙදෙනාට සෙත් පතා ආශිර්වාද පුඡාවන් පවත්වා පිරිත් නුල් ගැට ගසා පාද යත්‍රාවට ආශිර්වාද කෙරිණ.

කිලෝමිටර දහසක දුරක් පාද යත්‍රාවේ යෙදෙන එම රණවිරුවන් දෙදෙනා හෙට (06) දිනයේ පාද යත්‍රාවේ පහළොස්වන දිනය ශ්‍රි පාදස්ථාන උඩ මළුව වෙත ළඟාවිමට සැලසුම් කර ඇත.

නාගදිපයේ සිට ශ්‍රීපාදය දක්වා පාද යාත්‍රාවේ යෙදෙමින් පාද යාත්‍රාව අවසන් කිරිමට එම රණවිරුවන් දෙදෙනාගේ අධිෂ්ඨානය විය.

පාද යත්‍රාවේ යෙදෙන රණවිරුවන්ගේ ආරක්ෂාව උදෙසා යුධ හමුදා භට පිරිසක්ද ඔවුන් සමග ගමන් කරමින් සිටියි.

Read more

Local News