සංඝයා වහන්සේලාට නායකත්වයක් දෙන්න කවුරුවත් නෑ

Share

සංඝයා වහන්සේලාට මේ වන විට නායකත්වය ලබා දීමට කිසිවෙකු නොමැති බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

 

පොළොන්නරුව දියසෙන්පුර පැවති උත්සවයක් අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු රතන හිමියන් පවසා සිටියේ, සාංගික දේපලවලින් ලැබෙන දේ පොදුවේ බෙදී යන්නේ නැති බවයි.

සෑහෙන තරම් මුදලක් බෞද්ධ විහාරස්ථානවලට හිමිවන නමුත් එම මුදල් පොදු සංඝයාගේ යහපත වෙනුවෙන් යෙදවෙන්නේ නැති බවද උන්වහන්සේ පවසා සිටියේය.

එමෙන්ම අධ්‍යාත්මක නායකත්වයත් අද වන විට නොමැති බවත් පවසා සිටි රතන හිමියන්, සංඝ නායකයා රට පුරා ගොස් නායකත්වය ලබා නොදෙන බවත් පැවසීය.

ඒ නිසාවෙන් තමා ලබා ගත් දැනුම සංඝයා වහන්සේලා සමඟ බෙදා ගැනීමට කැමති බවත් පැවසු උන්වහන්සේ, තමා දර්ම දැක ඒ තුළින් සතුටු වෙමින් ජීවත් වෙන අයෙක් බවද කියා සිටියේය.

මිනිසුන් දන්නේ බොහෝම පොඩු දෙයක් බවද පැවසු උන්වහන්සේ, කිසිදු පාලකයෙකුට පැවති ත්‍රස්තවාදය පරාජය කළ හැකි යැයි විශ්වාසයක් නොතිබුණ බවද පැවසීය.

2007 දී තමා භික්ෂූන් වහන්සේලා 9 ක් සමඟ පාර්ලිමේන්තු ගිය බවත්, එදා එසේ නොකරේ නම් ආණ්ඩුව පාලනය කරනු ලබන්නේ සුළු ජාතික පක්ෂ බවද කියා සිටියේය.

එම තත්ත්වය එදා නැවතුණේ තමන් ඇතුළු සංඝයා නිසාවෙන් බවත් පැවසු උන්වහන්සේ, 2008 පැවති තීරණාත්මක මැතිවරණයේ දී එක් ඡන්දයකින් අයවැය ජයග්‍රහණය කළ බවත් පැවසීය.

එනිසා දරුණු ත්‍රස්තවාදයක් අවසන් කිරීමට තමා තීරණාත්මකව කැපවීම ගැන අදටත් තමා සතුටු වන බවද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියේය.

Read more

Local News