අදත් පළාත් කිහිපයකට තදවැසි

Share

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින අතර දිවයිනේ නිරිත දිග කොටසේ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.

 

මඩකලපුව, අම්පාර, බදුල්ල, මොණරාගල, නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තු සඳහන් කරයි.

සෙසු ප්‍රදේශවල විශේෂයෙන් දිවයිනේ නිරිත දිග කොටසේ ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක.

බදුල්ල, මොණරාගල, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාගුණ විද්‍යා දෙපාර්තමේන්තු ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Read more

Local News