ගාල්ලේදී සුනාමියෙන් ජීවිත අහිමි වූවන්ට පිං පැමිණවීමේ වැඩසටහනක්

Share

සුනාමි ව්‍යසනය හේතුවෙන් ජීවිත අහිමිවූවන්ට සිහිපත් කර පිං පැමිණවීමේ වැඩසටහනක් ඊයේ (26) ගාල්ල පැරෑලියේ දී උත්සවාකරයෙන් පැවත්විණි. මෙහි දී සුනාමියෙන් මිය ගිය පුද්ගලයින්ට පින් පැමිණ වීම සහ සුනාමි ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීම සිදුවිය.

2004 වර්ෂයේ සිදුවූ සුනාමි ඛේදවාචකයට මුහුණ දුන් පැරෑලිය දුම්රිය අනතුර සිහිපත් කරමින් ඊයේ පෙ.ව.9.27 ට දුම්රිය එම ස්ථානයට පැමිණි අතර, ඉන් බැසගත් දුම්රිය නිලධාරීන් සහ පිරිස් සුනාමි ස්මාරකය අබියසට ගොස් පුෂ්පෝහාර දැක් වීම සිදු කරන ලදී.

Read more

Local News