මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 6ක් අත්අඩංගුවට

Share

නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් හය දෙනෙකු කටුනායක ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

 

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටි අදාළ ඉන්දීය ජාතිකයින් පිරිස කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා ව‌ෙයි.

අවුරුදු 23ත් 52ත් අතර වයසේ පසුවන ඉන්දීය ජාතිකයින් හයදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සම්බන්ධයෙන් කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News