ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තිය ගැටලු විසඳීමට ජනපතිගෙන් කමිටුවක්

Share

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් වෘත්තිය ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට ජනාධිපති ගරු මෙෙත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් දෙයි.

රජයේ ප්‍රවෘත්ති ජනරාල්වරයාගෙන් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේඛ ලේකම්වරයෙකුගෙන් මෙන්ම කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් සමන්විත මෙම කමිටුව සිය වාර්තාව මාස 03ක් අැතුළත තමා වෙත ඉදිරිපත් කළ යුතු බවද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ජනාධිපති මෙම උපදෙස් ලබා දුන්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තිය ගැටලු පිළිබඳ අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ය.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වැටුප් හා දීමනා පිළිබඳව ගැටලුව මෙහිදී විශේෂ අවධානයකට යොමු කෙරුණු අතර මාධ්‍යකරණයේදී ඔවුන් මුහුණ පා අැති සෙසු ගැටලු පිළිබඳව ද අවධානය යොමු කෙරුණි.

Read more

Local News