එක්සත් ජාතික පක්ෂයේ තීරණය

Share

ඉදිරි මහ මැතිවරණයට පුළුල් සංධානයකින් ඉදිරිපත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද ප්‍රකාශ කළේය.

 

ඒ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ කමිටුව අද (11) රැස්වීමෙන් පසුවයි.

පක්ෂ නායකත්වය හා එළැඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ කමිටුව අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ රැස් විය.

එම අවස්තාවට කමිටු සමාජිකයින් වන ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුම බණ්ඩාර, මලික් සමරවික්‍රම, වජිර අබේවර්ධන, මහාචාර්ය ආශු මාරසිංහ හා තලතා අතුකෝරාල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සිටියේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණි.

එමෙන්ම බුදු දහම සම්බන්ධයෙන් ඇතැම් එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් කළ ප්‍රකාශ පිළිබඳව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා අද කොස්වත්ත විහාරස්ථානයක පැවති උත්සවයකදී මහාසංඝරත්නයෙන් සමාව අයැද සිටියේය

Read more

Local News