රුසියාවට අපනයනය කරන මෙරට තේ රැගත් කන්ටේනර් වරායේදී විශේෂ ධූමායනයකට

Share

රුසියාවට අපනයනය කරන මෙරට තේ ඇතුලු අනෙකුත් සියලු කෘෂි නිෂ්පාදන රැගත් කන්ටේනර් වරායේදී විශේෂ ධූමායනයකට ලක් කිරීමට තීරණය කර ඇති බව තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ පවසයි.

අදාල නිෂ්පාදන පැටවීමට පෙර මෙම ධූමායනය සිදු කරනු ලබන අතර මෙරටින් ආනයනය කළ තේ කන්ටේනරයක තිබි කෘමියෙකු හමුවීමත් සමග මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර අැත.

එලෙස ධූමායනය කරන කන්ටේනරයේ ගබඩා කරන තේ තොගය පිළිබඳ මෙරට ශාක නිරෝධායන ඒකකයේ සහතිකයික් ද ලබා ගැනීමට නියමිත වේ.

මීට අමතරව මෙරටට පනවා තිබූ තේ තහනමින් අනතුරුව රුසියානු බලාධරින් සමග සකාච්ඡා කිරීමට ගිය ශ්‍රී ලංකා නියෝජිත පිරිස යළි දිවයිනට පැමිණියහ.

එම කණ්ඩායමට රුසියාවේ ශාක නිරෝධායන ඒකකය විසින් මෙරට තේ අපනයන තහනම ඉවත් කිරීම සම්බන්ධ ලිපියක් ද ලබා තිබේ.

මෙරට තේ සඳහා ඉකුත් 18 වන දා රුසියාව ආනයන තහනමක් පැන වූ අතර පසුව එය හෙට සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කළ බව සඳහන් කළේ ය.

Read more

Local News