මම ගෝඨාභයට සහයෝගය දෙනවා – මෛත්‍රී

Share

ජනාධිපතිවරයාට කෙතරම් බලතල තිබුණද ජනතාවට සේවය කිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව වෙනස් කර අලුත් පාර්ලිමේන්තුවක් ලබා දිය යුතු බවයි.

ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොමැති නම් ජනාධිපතිවරයෙකුට කොතරම් බලතල තිබුණත් වැඩ කළ නොහැකි බවත් ඒ මහතා පැවසීය.

සමහරු ජනාධිපතිට ඕනෑ තරම් බලතල ඇති නිසා ඕනෑ දෙයක් කළ හැකි යැයි සිතන්නේ නොදැනුවත් කම නිසා බවත් පැවසු හිටපු ජනපතිවරයා, ජනාධිපතිරයෙකුට වැඩ කිරීමට තමන්ට එකඟ වෙන බහුතරයක් අවශ්‍ය බවත් කියා සිටියේය.

සමෘද්ධිමත් රටක් ඇති කර ශක්තිමත් රටක් ගොඩ නැඟීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දීමට තමා තීරණය කළ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පැවසීය.

Read more

Local News