Tuesday, March 19, 2024.

තරුණියක් ඇතුළු තිදෙනෙක් හෙරොයින් සමඟ මාට්ටු

Share

හෙරොයින් ග්‍රෑම් 15 කට ආසන්න ප්‍රමාණයක්, මෝටර් රථයක් ද සමඟ තරුණියක් සහ තරුණයින් දෙදෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

පෙරේදා (17) සවස කැකිරාව ශාස්ත්‍රෙවල්ලිය ප්‍රදේශයේ නිවසක කලක පටන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන බවට කැකිරාව දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව කළ සෝදිසි මෙහෙයුමක දී ඇසුරම් කිරීමට සූදානම් කරමින් තිබූ හෙරොයින් වර්ගයේ මත් කුඩු ග්‍රෑම් 15 ට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත.

තවද මොවුන් සතුව තිබූ ජංගම දුරකථන 2ක්, මත්කුඩු ඇසුරුම් කිරීම සඳහා යොදාගන්නා කතුරක්, ඉටිපන්දමක්, පොලිතින් කවර සහ මුදල් පසුම්බියක්, සැකකරුවන් දෙද‍ෙනාගේ රියදුරු බලපත්‍ර දෙකක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23, 26 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු හා 18 හැවිරිදි තරුණියක් වන අතර මෙම තිදෙනා මහැවැන්තැන්නේගම, මඩාටුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව කැකිරාව පොලිසිය පවසයි.

මෙම භාණ්ඩ සහ සැකකරුවන් ඊයේ (18) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තිදෙනාම ලබන පෙබරවාරි 01 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Read more

Local News