Tuesday, March 19, 2024.

ප්‍රතිභා සම්පන්න වීදි වයලීන වාදිකාව

Share

මේ දිනවල ෆේස්බුක් සමාජ මාධ්‍යයේ වඩාත් කතා බහට ලක්වන චරිතයක් තියෙනවා. ඒ තමයි 10 හැවිරිදි කැරොලිනා ප්‍රොට්සෙන්කෝ. ඇය විශ්මිත වයිලීන් වාදන ශිල්පිනියක්. වයස අවුරුදු 6 දී වයලීනයක් තෝරා ගන්නා කැරොලිනා සහ වයස අවුරුදු 10 දී ස්වර ප්‍රස්ථාර ලිවීමට හැකි ත්තිවය ට ශිල්පය අවබෝධ කරගන්නවා.

 

කැරොලිනා ප්‍රොට්සෙන්කෝ ගේ මේ සංගීත අවබෝධය සියලුදෙනා මඳක් පුදුමයට පත්කරන කාරණයක්. ඇය උපත ලබන්නේ යුක්‍රේනයේ. ඒ 2008 ඔක්තෝබර් 03 දා. ඇයට වයස අවුරුදු 06 වන විට සිය දෙමව්පියන් සමග එක්සත් ජනපදයට සංක්‍රමණය වෙනවා. එහිදී තමයි ඇය වයලීනය ඉගෙන ගැනීම ආරම්භ කරනවා. 2017 දී කැරොලිනා වීදිවල සැරිසරමින් සිය වයලීනය වාදනය කරන්න පටන් ගන්නවා. ඇය ඉතාම වේගයෙන් සමාජ මාධ්‍ය අතර ජනප්‍රිය වන්නට පටන්ගන්නවා. වසර 2 කට අඩු කාලයක් තුළ රටවල් 50 කට අධික සංඛ්‍යාවක ඇගේ රසික සංඛ්‍යාව මිලියන ගණනක් දක්වා වර්ධනය වුණා. යූ ටියුබ් සහ වෙනත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල ඇයගේ වීඩියෝ මිලියන 500 කට වඩා වැඩි වාර ගණනක් නරඹා තිබෙනවා. කැරොලිනා සංගීතය පිළිබද ශාස්ත්‍රීය පුහුණුවක් ලබා ඇති අතර ජනප්‍රිය ගීත ඉතා ඉක්මණින් ඉගෙන ගැනීමේ හැකියාවක් ද ඇයට තිබෙනවා. සාමාන්‍යයෙන් ඇයට ගීතය නිවැරදිව වාදනය කිරීම ඉගෙන ගැනීමට ගතවන්නේ පැයක පමණ කාලයක්. ඉන් පසුව ඇය එයට තමන්ගේ හැඩකිරීම් ද එකතු කරනවා.

කැරොලිනා ප්‍රොට්සෙන්කෝ ජනප්‍රියත්වය හා දක්ෂතාවය යන දෙකෙහිම අඛණ්ඩව වර්ධනය වෙන චරිතයක්. ඇගේ 4 වන ආවරණ ඇල්බමය (Cover Album) “ස්කයි” ලෙස හැඳින්වෙනවා. කැරොලිනා බොහෝ රූපවාහිනී වැඩසටහන් වල ද පෙනී සිට ඇති අතර වයලීන වාදකයෙකු වන ලින්ඩ්සේ ස්ටර්ලිං සහ American Got Talents වැඩසටහනේ විනිසුරුවරුන් ගෙන් ද සහ විකට නළුවෙකු වන හොවී මැන්ඩෙල් වැනි අයගෙන් බොහෝ ප්‍රශංසාවන් ලබා තිබෙනවා.
“ඔයා හරිම දක්ෂ තරුණියක්. මම මේ ගීතවලට ඇත්තටම කැමතියි. ඔබ සැබවින්ම දෙවියන්ගේම දරුවෙකි. ඔබ සතුව ඇති ඉන්ද්‍රජාලික දක්ෂතා. රංගනය අපූරුයි ”කියා ෆේස්බුක් පරිශීලකයෙක් ලියා තිබුණා. “ඔබේ සංගීතයට සුබ පතන්න, ඔබේ කකුල් ගනු ලබන තානය සමඟ මුසපත් වෙමි. තවත් රසිකයෙක් පවසා තිබුණා. “ඔබ මාව පුදුමයට පත් කරන සෑම දිනකම, මම ඔබේ දක්ෂතාව බෙහෙවින් අගය කරමි, ඔබ ලෝකයේ හොඳම වයලීන වාදකයා වේ.” තවත් රසිකයෙකුගේ ප්‍රතිචාරය එබදුයි.

කැරොලිනා සිය වාදනයෙන් ප්‍රේක්ෂකයින් පොළඹවා ගැනීමට අමතරව, එයින් උපයන මුදලින් විශ්ව විද්‍යාලයට ඇතුලත් වී උසස් අධ්‍යාපනය ලබාගැනීමට ද කැරොලිනා සැලසුම් කර තිබෙනවා.

කැරොලිනාට ඇගේ යූ ටියුබ් චැනලට මිලියන 2 කට අධික ග්‍රාහකයින් පිරිසක් මේ වන විට එක්ව තිබෙනවා.

කපිල එම්. ගමගේ

Read more

Local News