ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරිමට විෂ රහිත තිරසර ක්‍රමවේදයක්

Share

ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීමට විෂ රහිත තිරසර ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවදානය යොමුව ඇත.

 

ක්ලොරෝපිල් නමැති මෙම විෂ රහිත තිරසර ක්‍රමවේදය ජර්මන් ජාතික විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ඉදිරිපතත් කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම නව ක්‍රමවේදය දැනට සිදු කෙරෙන මදුරු මර්දන ක්‍රමවේදයට බොහෝ සෙයින් වෙනස් බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම විෂ රහිත තිරසර ක්‍රමවේදය මඟින් මිනිසාට සහ පරිසර පද්ධතියට කිසිඳු හානියක් සිදු නොවන අතර මෙරට හරිතප්‍රද මඟින් මෙම සංයෝගය නිපදවා ඩෙංගුමර්දන ඒකකය සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය එක්ව මෙම ක්‍රියාවලිය අත්හදා බැලීමට නියමිතයි.

Read more

Local News