Tuesday, March 19, 2024.

කැන්බරා ගුවන් තොටුපල තාවකාලිකව වසා දැමේ

Share

ඕස්ට්‍රේලියාවේ කැන්බරා ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

 

ඒ ලැව් ගිනි පැතිරීමේ අවදානමක් හේතුවෙන්.

ඒ අනුව ගුවන් තොටුපළෙන් සිදුකරන සියලු ගුවන් ගමන් කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

මේ වනවිට ගුවන් තොටුපළ ආසන්න ප්‍රදේශය දැඩි දුමාරයකින් වැසී පවතින අතර ඒ ආසන්න මාර්ග රැසක්ද තාවකාලිකව වසා තැබීමට බළධාරීන් පියවර ගෙන ඇති බව සඳහන්.

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක පැවති ලැව් ගිනි තත්ත්වයන් පසුගිය දිනවල යම් පාලනය වීමක් දක්නට ලැබුණද අද දිනයේ සිට දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවල යළිත් ලැව් ගිනි ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වෙයි.

 

Read more

Local News