ජල ගාස්තු ඉහළ යයිද ?

Share

ජල ගාස්තු සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් පැවතියද මේ දක්වා ජල ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

 

ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවසීය.

“ජීවිතය කියන්නේ ජලය. ජලයට මුදල් නොදී සමාජයක් පවත්වාගෙන යන්නේ කොහොමද?

අපි දැනට අය කරන්නේ වියදම් වන ගාස්තුවේ ප්‍රමාණය, වියදම් වෙන ගාස්තුවටත් අඩුයි.

මේක ලාභයක් හොයන දේකුත් නෙවේනේ..ඒ අනුව දැනට අපි අය කරන ගාස්තුව වැඩි කිරීමට අදහසක් නෑ.

නමුත් අනාගතයේ වැඩි කළ යුතුයි. මොකද අවුරුදු 6ක් මේක වැඩි කිරීමට කිසිදු පියවරක් ගත්තේ නෑ.

වැඩි කරනකොට අඩු ආදායම්ලාභීන්ගේ ජල ගාස්තුව වැඩි නොකළ යුතුයි.

මේක සරදියෙල් න්‍යායක් නෙවෙයි. මේක සමාජයේ ශිෂ්ඨාචාරයේ න්‍යාය.”

Read more

Local News