කොරෝනා වැළඳී ඇති බවට සැකපිට තවත් දෙ‍දෙනෙක් රෝහලට

Share

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට තවත් දෙදෙනෙකු අංගොඩ අයි.ඩි.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.

 

ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙකු හා චීන ජාතික කාන්තාවක් එසේ රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට මේ වන විට සිව් දෙනෙකු රෝහල් ගත කර ඇත.

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට ඊයේ (25) දින අංගොඩ අයි.ඩි.එච්. රෝහලට ඇතුළත් කළ කාන්තාවන් දෙදෙනාට සැබවින්ම එම වෛරසය වැළඳී තිබේදැයි තහවුරු කරගැනීමට මේ වන විටත් ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් පරීක්ෂණ මෙහෙයවමින් පවතී.

Read more

Local News