ශ්‍රී ලංකා ඉන්දීය තෙවැනි ක්‍රිකට් තරඟය අතරතුර ක්‍රීඩා පිටියට බෝතල් ප්‍රහාරයක්!

Share

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තෙවැනි එක්දින තරගයේ ඉන්දියාව ජයග්‍රහණය අභියස සිටියදී නරඹන්නන් විසින් ක්‍රීඩා පිටියට බෝතල් විසි කිරීම හේතුවෙන් නොසන්සුන් තත්ත්වයක් හට ගැණිනි.

රාත්‍රී 10.00 ට පමණ මේ සිද්ධිය හට ගනිද්දී ඉන්දියාවට ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍යව තිබුනේ ලකුණු 8ක් පමණි. ලකුණු 218ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දියාව ඒ වන විට ඕවර 44ක් අවසානයේ කඩුලු 4කට ලකුණු 210ක් රැස්කර ගෙන සිටියේය. රෝහිත් ෂර්මා ලකුණු 122ක්ද, මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 61ක්ද ල බා ගෙන සිටියහ.

ක්‍රීඩාංගණයේ සේවක පිරිස බෝතල් ඇහිඳමින් ඒවා පිටියෙන් ඉවතට විසි කරන්නට වූවද එය නිශ්පල ව්‍යායාමයක් වූයේ නරඹන්නන් දිගින් දිගටම පිටිය ඇතුළට බෝතල් විසි කරන්නට වූ නිසාවෙනි.

මිනිත්තු 18කට පමණ පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ෂර්මා හා දෝනි ට අතට අත දීමෙන් පසුව ක්‍රීඩකයන් හා තරග විනිසුරුවන් පිටියෙන් ඉවත්ව ගියහ.

රාත්‍රී 10.34 ට ක්‍රීඩාව යලි ආරම්භ වීමෙන් පසුව ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 8 ලබා ගැනීම සඳහා ඉන්දියාව මුහුණ දුන්නේ පන්දු 6කට පමණි.

Read more

Local News