බැඳුම්කර හොරු නිදහස් වෙයිද ?

Share

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ සැබෑ බැඳුම්කර වංචාකරුවන් නිදහස් කිරිමට බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.

 

ඒ  මහතා මේ බව සඳහන් කළේ කෑගල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු මෙසේ පැවසීය.

“මෙම වාර්තාව ගැන අපි සෑහීමකට පත් වෙන්නේ නෑ.

එදා බැඳුම්කර වංචාව සිදු වන අවස්ථාවේ මහ බැංකුවේ හිටපු නිලධාරීන් මේ සඳහා සම්බන්ධ වෙලා තියෙනවා. දත්ත ලබා දීලා තියෙන්නේ ඒ සියලු දෙනා.

ඒ වගේම විගණකාධිපතිතුමා මේ වගේ විගණනයක් කළා නම් ඒක අපිට පිළිගන්න පුළුවන්.

එනිසා බැඳුම්කර හොරුන් නිදහස් කිරීමේ වැඩපිළිවෙල තමයි මේ වාර්තාව තුළින් ඉදිරිපත් කරන්නේ.”

Read more

Local News