ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ තදවැසි

Share

සබරගමුව පළාතෙන් කළුතර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ සවස 2.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

දිවයිනේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවලත් සිහින් වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ පළාතේ හා හම්බන්තොට, මාතර දිස්ත්‍රික්කවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 පමණ දක්වා වැඩි විය හැකියි.

මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකියි.

Read more

Local News