කොරෝනා නිසා ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහලට

Share

කෙරෝනා වෛරසය මේ වනවිට රටවල් 26කට ව්‍යාප්ත වී තිබේ.

 

චීනය තුළ පමණක් මේ වනවිට මියගොස් ඇති  පුද්ගලයන්ගේ සංඛ්‍යාව 361ක් වන අතර ඊයේ(02) දිනයේ පමණක් පුද්ගලයන් 56 දෙනෙකු මියගොස් ඇති බව චීන බලධාරීන් ප්‍රකාශ කර ඇත.

පුද්ගලයන් 16,600 දෙනෙකුට පමණ වෛරසය වැළඳී ඇති බවට හඳුනාගෙන තිබේ.

මේ අතර කොරෝනා වෛරස් අර්බුදය හමුවේ ලෝක වෙළඳපලෙහි ඉන්ධන මිල පහත බැස තිබේ.

චීනය ඇතුළු රටවල ඉන්ධන ඉල්ලුම පහළ යෑම ඊට හේතුවී ඇති බව වාර්තා වෙයි.

පසුගිය ඔක්තෝබර් මාසයෙන් පසු තෙල් බැරලයක අඩුම මිල ඊයේ වාර්තා විය.

මෙම තත්ත්වය තුළ ඉන්ධන මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා තෙල් සැපයුම කපා හැරීමේ තීන්දුවක් ගැනීමට රුසියාව සහ ඔපෙක් රටවල් හදිසි සාකච්ඡාවක් කැඳවා තිබේ.

මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ පසුගිය කාලයේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබුණද මෙරට ඉන්ධන මිල ඉහල නැංවීමේ සූදානමක් නොමැති බවයි.

Read more

Local News