බැඳුම්කර වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම අාරම්භ කරන්න – අගමැති

Share

බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව එළිදැක්වුණු විගස මුදල් මණ්ඩලය සමඟ සාකච්ඡා කොට නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වෙත උපදෙස් දුන්නේය.

බැඳුම්කර කොමිසමෙහි නිර්දේශ ක්‍රියාත්මක කරලීම සඳහා අවශ්‍ය පියවර කඩිනම්ව ගැනීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (5) පැවැති සාකච්ඡාවේදී තීරණය කෙරිණි.

කොමිසම විසින් නිර්දේශ කර ඇති පරිදි වෝහාරික විගණන පරීක්ෂණයක් පැවැත්වීමට සුදුසු දේශීය හෝ විදේශීය ආයතනයක් තෝරා ගැනීමට කටයුතු කරමින් සිටින බව මහ බැංකු අධිපතිවරයා දැනුම් දුන්නේය.

2008 සිට 2015 දක්වා සිදු වූ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදුකොට, නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව බැඳුම්කර කොමිසම දන්වා ඇති බැවින්, මහ බැංකුවේ සියලු ලිපිගොනු සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මහ බැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් ඇතුළත් කමිටුවකට පැවැරිණි.

Read more

Local News