20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ බස්නාහිර පළාත් සභා ඡන්ද විමසීම කල් තැබේ

Share

බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් කරන ලද 20වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම ලබන මස 04 වනදා දක්වා කල් තබා තිඛෙනවා
ඒ, අද කැදවූ විශේෂ සභාවාරයේදී 20 වන සංශෝධනය  සම්බන්ධයෙන් විවාදයට ගන්නා අවස්ථාවේදී ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන්.
ඡන්දය කල් තැබීම සම්බන්ධයෙන් අද සභාවේදී ඡන්ද විමසීමක් සිදුකෙරුණු අතර එහිදී වැඩි ඡන්ද 10කින් එය සම්මත වුනා.
ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පත සම්බන්ධ ඡන්දය කල් දැමීමට පක්ෂව ඡන්ද 51ක් හිමිවූ අතර විපක්ෂව හිමිවුණේ 41ක් පමණයි.

Read more

Local News