ඔන්ලයින් ක්‍රමයට සා/පෙල විභාගයට ලියාපදිංචි වෙන්න අවස්ථාව

Share

මානව සම්බන්ධතා හරහා සිදුවන බොහෝ දේ තුළ දූෂණයට ඇති ඉඩවැඩි බව ලොව පිළිගත් මතයක් වී ඇති බවත් මේ තත්ත්වය වෙනස් කිරීමට නූතන තාක්ෂණය ඒ සඳහා යොදාගැනීම වෙනුවෙන් වත්මන් ජනාධිපතිවරයා ද පූර්ණ අවධානය යොමු කර සිටින බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාතය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

 

ඒ අනුව, මේ වසරේ සිට සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග සඳහා අයදුම් කිරීමේ දී Online ක්‍රමය හඳුන්වාදෙන බවත්, එමෙන් ම ගුරු මාරු සඳහා  නව App එකක් සංවර්ධනය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යතුමන් මේ අදහස් පළ කළේ, 2019 වසරේ අවංකතම රාජ්‍ය නිලධාරිනිය ලෙස මතුගම ශාන්ත මේරි මහා විද්‍යාලයේ විදුහල්පති පී ඒ සී ප්‍රියදර්ශනී මැතිනියට උපහාර පිදීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

Transparency International ආයතනය විසින් මෙසේ අවංකත ම රාජ්‍ය නිලධාරියා තේරීමේ ක්‍රියාවලිය සංවිධානය කර තිබිණි.

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ දී වඩාත් නීතිගරුක ක්‍රමවේදයක් සකස් කරමින් අකාර්යක්ෂමතාව හා වංචාව දූෂණය අවම කරමින් මහජනතාවට පහසුවක් ඇතිවන සේ නව ක්‍රමවේදයක් නිර්මාණය කිරීම නිසා පී ඒ සී ප්‍රියදර්ශනී මැතිනියට මෙම සම්මානය හිමිව ඇති බව එම ආයතනය විසින් සඳහන් කරයි.‍

Read more

Local News