ඉන්දීය ධීවරයින් 11ක් නාවික හමුදා බාරයට

Share

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් එකොලොස් ද‍ෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා තුනක් ඊයේ (15) දින නාවික හමුදා භාරයට ගන්නා ලදි.

 

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වන ධීවරයින් සහ සාගරය භාවිතා කරමින් සිදු කරනු ලබන විවිධ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමකදී අනලතිව් දූපතට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී, නීති වි‍රෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා තුනක් සහ එහි සිටි ඉන්දීය ධීවරයින් එකොලොස් ද‍ෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි.

ඒ අනුව, එම ට්‍රෝලර් යාත්‍රා සහ ඉන්දීය ධීවරයින් පිරිස නිරුපද්‍රිතව උතුරු නාවික විධානයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදි.

එසේම, ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනය වෙත රැගෙන ආ මෙම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හරහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිත අතර, ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා තුන ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනයේ රදවා තබා ගැනීමට කටයුතු කරන ලදි.

Read more

Local News