දීර්ඝ සතිඅන්ත නිවාඩුවට කොළඹ – බදුල්ල විශේෂ දුම්රිය සේවයක්

Share

සතිඅන්ත දීර්ඝ නිවාඩුව සැලකිල්ලට ගෙන මේ මස 20 හා 23 යන දෙදින තුළ කොළඹ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

මේ අනුව 20 වැනිදා රාත්‍රී 7.35ට කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රියක් ධාවනය කරන බවත්, එම දුම්රිය 21 වැනිදා අලුයම 4.50ට බදුල්ල දුම්රිය ස්ථානයට ළඟා වන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

23 වැනිදා රාත්‍රී 8.30බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා දුම්රියක් ධාවනය කරන අතර, මෙම දුම්රිය දෙකටම අදාළව කලින් ආසන වෙන්කර ගැනීමේ පහසුකමද සලසා දී තිබේ.

Read more

Local News