කොවිඩ් වෛරසයෙන් මියගිය ගණන 2125 දක්වා ඉහළට

Share

නව කොරෝනා වෛරසය ආසාදනය වී ලොව පුරා මිය ගිය ගණන අද වන විට 2125 දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ, ගතවූ පැය 24 තුළ අලුතින් මරණ 108ක් වාර්තා වීමත් සමඟයි.

වෛරසය හේතුවෙන් ඉරානයේද පුද්ගල මරණ දෙකක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළේය.

ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 75,000 ඉක්මවා තිබෙන අතර
මේ වන විට වාර්තා වන මුළු මරණ ගණන 2125 ක්.

ඒ අතරින් මරණ 2120ක්ම චීනයෙන් වාර්තා වූ අතර චීනයෙන් පිටතින් වාර්තා වන මරණ 05 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ,ඉරානයේ ආසාදිතයින් දෙදෙනෙකු මිය යෑමත් සමඟයි.

මැදපෙරදිග කලාපයේ මෙම වෛරසය හේතුවෙන් මරණ සිදුවූ පළමු අවස්ථාව මෙයයි.

පිලිපීනය,ජපානය හා ප්‍රංශයෙන් එක් මරණය බැගින් වාර්තා විය.

කෙසේවෙතත් ආසාදිතයින් අතරින් සුවය ලැබූ ගණන 12,000 ඉක්මවා තිබීමත් විශේෂත්වයක්.

වෛරසය ව්‍යාප්තිය වළක්වාගැනීම සඳහා චීන ජාතිකයින්ට රුසියාවට පැමිණීම තාවකාලිකව තහනම් කිරීමට රුසියානු රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර ජපානයේ යොකොහෝමා වරායේ නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේදී නිරෝධායන කාල සීමාව සම්පූර්ණ කළ පළමු පුද්ගලයින් 100 දෙනා නැවෙන් මුදා හැරීමට ජපාන රජය ඊයේ පියවර ගත්තේය.

අදාළ නෞකාවේ සිටියදී හමුවූ 500 කට වැඩි ආසාදිතයින් පිරිසක් මේ වනවිට රෝහල්ගත කර තිබේ.

නෞකාවේ කාර්ය මණ්ඩලය අතර ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සිටින බවත් ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.

Read more

Local News