වව්නියාව සිට කොළඹ බලා ධාවනය වන බස් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (19) රාත්‍රියේදී වව්නියාව ඊරට්ට පෙරියකුලම ප්‍රදේශයේදී වව්නියාව රථ වාහන පොලිස් නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
වව්නියාව ශාස්ත්‍රීකූලාන්කුලම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු විසින් කේරල ගංජා කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 720 ක් සිය ගමන් මල්ලේ සඟවාගෙන මෙසේ ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




