වතු නිවාස පෙළක ගින්නක්

Share

ආගරපතන, ඩයගම නැගෙනහිර පහළ කොටසේ වතු නිවාස පෙළක අද (20) පෙරවරුවේ හටගත් ගින්නකින් වතු නිවාස හයක් සම්පුර්ණයෙන්ම ගිනි ගෙන විනාශයට පත්ව ඇති බව ඩයගම පොලීසිය පවසයි.

 

ගිනි ගැනීමට ලක් වු වතු නිවාස සම්පුර්ණයෙන්ම පිළිස්සීයාම නිසා වතු කම්කරු නිවාසයන්හී තිබු සියලුම භාණ්ඩ හා අනෙකුත් ලියකියවිලි විනාශයට පත්වු බව වතු කම්කරුවෝ පවසති.

නිවාස හයේ පදිංචිව සිටි පුද්ගලයන් 37කු අවතැන් වු අතර, ඔවුන් ඩයගම නැගෙනහිර දෙමළ විදුහලේ ප්‍රාථමික අංශයේ ගොඩනැඟිල්ලක තාවකාලික නවාතැන් ගැන්වීමට පියවර ගෙන තිබේ.

ගිනිගැනීමෙන් පුද්ගලයින් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති අතර ගින්න ඇතිවන අවස්ථාවේ එම නිවාසවල පදිංචිකරුවන් අතරින් බහුතරයක් සේවයට ගොස් සිටි බව වාර්තා වෙයි.

ගින්නනට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ පිළිබඳව ඩයගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News