Tuesday, March 19, 2024.

බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි දෙදෙනෙක් නාවික හමුදා බාරයට

Share

බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (20) දින නාවික හමුදාව විසින් සිය භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

 

රට තුළ සිදු වන නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබන අතර, එහි තවත් එක් විශේෂ මෙහෙයුමක් නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලයසෙම්බල්තෙට්ටි ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදි.

එහිදි බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටියදී මෙලෙස මෙම සැකකරුවන් දෙදෙන‍ෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළේය.

එහිදී ඔවුන් සතුව තිබී ටිපර් රථයක්, ට්‍රේලරයක් සහිත ට්‍රැක්ටර් රථයක් සහ වැලි කියුබ් හතරක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 25 සහ 37 වන වියෙහි පසුවන වරකාපොල සහ දෙහිවත්ත යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවට අනාවරණය කරගන්නා ලදී.

එම සැකකරුවන් දෙදෙනා, ටිපර් රථය, ට්‍රේලරයක් සහිත ට්‍රැක්ටර් රථය සහ වැලි කියුබ් හතර වැඩිදුර විමර්ශන සඳහා මූතූර් පොලිසිය වෙත භාර දෙන ලදි.

Read more

Local News