කොවිඩ් නයින්ටීන් මරණ ගණන 2460 දක්වා ඉහළට – දකුණු කොරියාව තුළ ශීඝ්‍ර ව්‍යාප්තියක්

Share

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ ආසාදිතයින් ගණන මේ වන විට 78,000 ඉක්මවා ඇති අතර වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ ගණන 2460 දක්වා ඉහළ ගොස් ඇත.

 

ඒ අතරින් ආසාදිතයින් 77 000 කට වැඩි පිරිසක් චීනයෙන් හඳුනාගෙන ඇති අතර වෙනත් රටවලින් වාර්තා වන ආසාදිතයින් ගණන 1,500කට අධිකයි.

කොවිඩ් නයින්ටීන් වෛරසය දකුණු කොරියාව තුළ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වෙයි.

සිකුරාදා සිට ඊයේ (23) දක්වා එම වෛරසය ආසාදන වු පුද්ගලයින් සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තම රටෙන් හමු වූ නව කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයින් ගණන එක් දිනකදී දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව දකුණු කොරියාව පවසයි.

එරට බලධාරීන් ඊයේ ප්‍රකාශ කළේ සිකුරාදා සිට 229 දෙනෙකුට වෛරසය ආසාදනය වී බවයි.

අද වන විට තවත් 123 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව දකුණු කොරියාවෙන් හමු වූ මුළු ආසාදිතයින් ගණන 556ක්.

මේ අනුව චීනයෙන් පසුව වෛරසය ආසාදිතයින් වැඩිම ගණනක් හමු වූ රට බවට දකුණු කොරියාව පත්ව ඇති බව වාර්තා වේ.

Read more

Local News