ඇමරිකා – ජපාන ඒකාබද්ධ අභ්‍යාසය පිළිබඳ චීනයෙන් ප්‍රතිචාර

Share

ඇමරිකාව සහ ජපානය මෑතකදී විශාල පරිමාණයේ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත්වූ අතර,  දූපත් අත්පත් කර ගැනීමේ මෙහෙයුම් එහිදී විශේෂයෙන්ම පුහුණු වූ බව වාර්තා වේ. මීට අමතරව, තායිවාන ප්‍රදේශයට ආසන්නතම ජපාන දූපතකදී, ඇමරිකානු මැරීන් බලකායට අයත් නෞකා මැඩපැවැත්වීමේ පද්ධතියක් ප්‍රථම වරට ස්ථානගත කර ඇත. මේ පිළිබඳ චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් පළ කෙරිණ.
ජපානය ඇතැම් රටවල් සමග එක්ව ‘ඒකාබද්ධ අභ්‍යාසය’ ලෙස හඳුන්වන යුද ක්‍රියාකාරකම්වල නිරත වෙමින් මධ්‍යම සහ දිගු දුර මිසයිල සංවර්ධනය කරන අතර, නැවත මිලිටරිකරණය වේගවත් කිරීමට උත්සාහ කරමින් සිටින බව චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක Zhang Xiaogang මහතා පැවසීය.එමෙන්ම චීනයේ තායිවාන ප්‍රදේශයට මැදිහත් වීමට කිසිදු බාහිර පාර්ශ්වයකට ඉඩ නොදෙන බව ද ඔහු අවධාරණය කළේය.

Read more

Local News