ඔස්ට්‍රේලියාව අළුබඳුන නැවත සියතට ගනීයි

Share

පැට් කමින්ස්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ සංචාරක එංගලන්ත පිලේ දෙවැනි ඉනිම ලකුණු 180කට සීමා වීම හේතුවෙන් අළු බඳුන ටෙස්ට් තරගමාලාවේ සිඩ්නි නුවර පැවැති පස්වැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 123කින් ජයගත් ඔස්ට්‍රේලියාව 2015දී එංගලන්තය අත්කරගත් අළුබඳුන නැවත සියතට ගැනීමට සමත්විය.

තරගයේ අවසන් දිනය වූ ඊයේ ලකුණු 210ක් පසුපසින් සිටිමින් කඩුලු 6ක් ඇතැතිව පිටියට පිවිසි එංගලන්ත පිල ලකුණු 180කට දවාලීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

එංගලන්ත පිලේ මැදපෙළ අසරණ කළ වේගපන්දු යවන පැට් කමින්ස් කඩුලු 4ක් දවාලමින් තරගය පුරා කඩුලු 8කට හිමිකම් කීවේය. තරගයේ වීරයා සම්මානය දිනාගත් කමින්ස් තරගාවලිය පුරා බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව 23කි.

එංගලන්තය ඉනිමක පරාජයෙන් බේරාගැනීමට දැඩි සටනක නිරතවූ නායක ජෝ රූට් ලකුණු 58ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්වූයේ උදරයේ ඇතිවූ ආබාධයක් හේතුවෙනි. පසුව ඔහු රෝහල් ගත කිරීමට සිදුවිය. ඒ අනුව එංගලන්ත පිලේ දෙවැනි ඉනිම කඩුලු 9කට සීමා විය.

මේ ජයග්‍රහණයත් සමග තරගාවලිය 4-0කින් ජයගත් ස්ටීවන් ස්මිත්ගේ නායකත්වයෙන් යුතු ඔස්ට්‍රේලියානුවෝ අළුබඳුනට හිමිකම් කීහ.

Read more

Local News