ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු අැඟවීමක් කාලගුණයෙන්

Share

දිවයිනට උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි අැති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70-80ක් දක්වා ඉහළ යාමට ඉඩ අැති බවත්, මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.

ධීවර හා නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් ඉල්ලා සිටීයි.

Read more

Local News