ජපුර අනතුර නවක වද සිදුවීමක්ද ?

Share

ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවැති උත්සවයකින් අනතුරුව පවත්වන ලද සාදයකදී සිසුවෙකු අනතුරට ලක්වීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

 

ඒ අනුව අදාළ සිදුවීම නවකවද සිද්ධියක් පදනම් කරගෙන සිදුවූවක්ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙයි.

කළමනාකරණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් වන පසිඳු හිරුෂාන් මෙසේ අනතුරට ලක්ව තිබේ.

උස් ස්ථානයක සිට ටයරක් සිසුවාගේ හිසට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එයින් ඔහුගේ හිසට හා මොලයට හානි සිදුවී ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Read more

Local News