”මහවැලි වර්ණ ප්‍රදානය – 2018” අගෝස්තු මාසයේදී පැවැත්වීමට සැලසුම්

Share

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කරන්නේ ”මහවැලි වර්ණ ප්‍රදානය – 2018” ජනාධිපතිවරයාගේ ප්‍රදානත්වයෙන් 2018 වර්ෂයේ අගෝස්තු මාසයේදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්සවාකාරයෙන් සැලසුම් කර පැවැත්වීමට කටයුතු  තිබෙන බවයි.

ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරිය ජාතික ආර්ථික අරමුණු ඉටුකරගැනීම සඳහා දායකත්වය ලබාදීම මූලික කර ගනිමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම ප්‍රදානෝත්සවය සමස්ත මහවැලි කලාප දහය ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

2017 / 2018 මාස් කන්නයේ ආහාර නිෂ්පාදනයේ නව ප්‍රබෝධයක් ඇති කරලීමත්, වස විසෙන් තොර ගුණාත්මක ආහාර මහවැලි කලාප තුළ නිෂ්පාදනය කිරීමත් යනාදී අරමුණු රැසක් මුල් කරගනිමින් මෙම ප්‍රදානෝත්සවය ක්‍රියාත්මක වෙයි.

Read more

Local News