තැපෑලෙන් ඡන්දය නිකුත් කිරීමේ දිනය ලබන 13 වනදා දක්වා කල් දමයි

Share

පළාත්පාලන මැතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දය විමසීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගේ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම ලබන 13 වනදා සිදුකරන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. ඒ පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රික්කය හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලයි.

නිවේදනයක් නිකුත් කරමින් සභාපති මහින්ද දේශප්‍රිය පවසා ඇත්තේ, තැපැල් ඡන්ද පත්‍රිකා සමග ඡන්ද දායකයන් වෙත යැවීමට නියමිත අපේක්ෂක නාමලේඛනය මුද්‍රණය කිරීමේ  ප්‍රමාද දෝෂයක් හේතුවෙන් මෙලෙස තැපෑලෙන් ඡන්දය නිකුත් කිරීමේ දිනය ලබන 13 වනදා දක්වා කල් දැමූ බවයි.

Read more

Local News