අනුරාධපුර විශේෂ මහාධිකරණය අහෝසි කිරීමට අධිකරණ සේවා කොමිසන් සභාව තීරණය කරයි

Share

2014 වසරේ සැප්තැම්බර් 24වැනිදා ස්ථාපිත කළ මෙතෙක් කලක් පැවැති අනුරාධපුර විශේෂ මහාධිකරණය අහෝසි කිරීමට අධිකරණ සේවා කොමිසන් සභාව තීරණය කර ඇත.

ඒ අනුව මෙතෙක් කලක් අනුරාධපුර විශේෂ මහාධිකරණය ලෙස පැවැති මෙම අධිකරණය මින් ඉදිරියට උතුරු මැද පළාත් බද මහාධිකරණ අංක දෙක ලෙස නම් කරනු ලැබ ඇත.

එවකට අගවිනිසුරුවරයාව සිටි මොහාන් පීරීස් විසින්, ත‍්‍රස්තවාදි ක‍්‍රියාවලට සම්බන්ධ නඩු සහ ළමා අපයෝජන සිද්ධීන්වලට අදාල නඩු පමණක් විභාග කිරීම සඳහා මෙම මහාධිකරණය ස්ථාපිත කර තිබුණි.

Read more

Local News