කොරෝනා පාලනයට ජනපතිගෙන් විශේෂ අරමුදල්

Share

කෙරෝනා ‌‌හෙවත් කොවිඩ් 19 වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඒ හා සාමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කිරිමට ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ අරමුදලක් ස්ථාපනය කර ඇත.

 

එය COVID-19 ‌සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ‌ලෙස නම් කර ඇත‍.

ජනාධිපතිගේ නියමයෙන් ජනාධිපති අරමුදල ඒ සඳහා රුපියල් මිලියන 100ක මුදලක් ප්‍රදානය කර තිබේ.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ ‌වෙනම විශේෂ ගිණුමක් මේ සඳහා ආරම්භ කර ඇත.

ගිණුම් අංකය – 85737373 ‌වේ.‍‍

දෙස් විදෙස් පරිත්‍යාගශීලින්ගේ පරිත්‍යාගයන් ද මෙම නව අරමුදල සඳහා යොදා ගැනීමට තීරණය වී ඇත.

කොවිඩ් 19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමට රජය විසින් ගනු ලබන පියවරයන් ශක්තිමත් කිරීමට මෙම අරමුදල තුළින් බලාපොරොත්තු වෙයි.

Read more

Local News