මත්ද්‍රව්‍යවලින් තොර කොළඹ නගරයක්

Share

කොළඹ නගරය මත්ද්‍රව්‍යවලින් තොර පුරවරයක් බවට පත් කිරීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(11) පැවැති ජන හමුවකදී ප්‍රකාශ කළේය.

බලගතු ශ්‍රී ලංකාවක් තුළ බලගතු කොළඹ නගරයක් ද නිර්මාණය විය යුතු බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා එම බලගතු කොළඹ නගරය නිරන්තරව සක්‍රියව තබා ගැනීමට අවශ්‍ය විදුලිය ලබාදීම සඳහා එල්.එන්.ජී විදුලි බලාගාර තුනක් ආරම්භ කරන බවද පැවසීය.

පසුගිය පාලන කාලයේ කොළඹ නගරය අලංකාර කිරීමට ලබාගත් මුදල් වත්මන් රජයට ගෙවීමට සිදුවී ඇති බවද මෙහිදී සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් රජය හිටපු ජනාධිපතිවරයාගේ පව් ගෙවන බවද කීය. කොළඹ නගරයේ මාර්ග තදබදය නැති කිරීම, නිවාස ගැටලු, ජල ප්‍රශ්න විසඳීම සඳහා වැඩ සටහන් ගණනාවක් ක්‍රියාත්මක යයිද පැවසූ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කොළඹ නගර සභාවට කුඩු විකුණන, ඔවුන් සමඟ සම්බන්ධතා පවත්වන කිසිවකු ඇතුළත් කර නොගන්නා ලෙසද ඉල්ලා සිටියේය.

Read more

Local News