රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන් කොරෝනා මර්දන රාජකාරීවලට

Share

රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන් කොරෝනා වෛසරය මර්දන රාජපකාරීවලට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට අනුයුක්ත කිරීමට රජය තීරණය කර තිබේ.

 

දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සේවය සඳහා වාර්තා කර ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ පුහුණු කටයුතු ඇරඹීම පවත්නා ‍තත්ත්වය සැලකිල්ලට ගෙන මැයි මාසය වෙන තෙක් කල් දමා තිබේ.

එහෙත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි කොරෝනා වෛරසය රෝග තත්ත්වයන් පාලනයේ දී ඔවුන්ගේ සහය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ලබා දීමට හැකි වෙනු පිණිස එම කාර්යාලවලට තාවකාවලික අනුයුක්ත කිරීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා නිවේදනය කරයි.

එහෙත් ඇඳිරි නිතීය ක්‍රියාත්මක වීම නිසා ඔවුන්ට සේවයට වාර්තා කිරීමට අපහසු බැවින් හෙට (30) දිනයේ දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී/ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත වාර්තා කිරීමට අත්‍යාවශ්‍ය නොවන බවත් ඒ ගැන යථා කාලයේ දැනුම් දෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Read more

Local News