ජල සම්පාදනයේ සියලු තොරතුරු කෙටි පණිවිඩයක් ඔස්ස‌ේ ලබා ගැනීමට ක්‍රමයක්

Share

ජල සම්පාදනය පිළිබඳ සියලු තොරතුරු, හදිසි බිඳ වැටීම් කෙටි පණිවිඩයක් ඔස්සේ ලබා ගැනීමට හැකි බව ‍ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

 

ඒ අනුව ජල බිල්පත පිළිබඳ නවතම තොරතුරු ද මෙම කෙටි පණිවිඩ සේවයෙන් ලබා ගත හැකියි.

ජල බිල්පතේ ගිණුම් අංකය SMS පණිවිඩයක් මඟින් 0719 399 999 අංකයට යොමු කිරීමෙන් එහි ලියාපදිංචි විය හැකි බවද ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසාවෙන් ජල මුලාශ්‍රවල ජල මට්ටම ද මේ වන විට පහත වැටී ඇති පවසන මණ්ඩලය ජල සැපයුම සීමා නොකර ඉදිරියටත් ලබා දීමට කටයුතු කරන බවත් සඳහන් කරයි.

‍ර‍ට මුහුණ දී ඇති කොරෝනා වෛරසය හේතුවෙන් නිවෙස්වල රැඳී සිටින ජනතාවගේ ජල පරිභෝජනය ඉහළ ගොස් ඇතැයි ද පවසන ජලාපවහන මණ්ඩලය, සියලු දෙනා ජලය අපතේ නොයන සේ පරිහරණය කළ යුතු බවත් අවධාරණය කරයි.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් හඳුන්වා දී ඇති මෙම අවස්ථාවේ දී ජල කරාම විවෘතව නොතබන ලෙසත්, මේ මොහොතේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කර සැමට පානීය ජලය අඛණ්ඩව ලබා දීමට දායකත්වය ලබා දෙන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඉල්ලා සිටියි.

Read more

Local News