යුද්ධ හමුදා භට පිරිස් ආපදා සහන කටයුතුවල

Share

බස්නාහිර පළාතේ හදිසි තද සුළි සුළං හේතුවෙන් පසුගියදා ඇතිවු ආපදා තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් යුහුසුළුව ක්‍රියාත්මක වී අවශ්‍ය සහන සේවා කටයුතු වල නිරත විය.

ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරින් සහ රාජ්‍ය නිලධාරින්ගේ සම්බන්ධිකරණයෙන් යුද්ධ හමුදා භට පිරිස් 50 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කටුකෙන්ද සහ දික්ලන්ද යන හානි වු ප්‍රදේශවල සුන්බුන් ඉවත්කිරිමේ කටයුතු වල නිරතව සිටි.

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ රාජකාරි නිරත යුද්ධ හමුදා භට පිරිස් අනෙකුත් සහන සේවා ආයතන කාර්ය මණ්ඩලයන් හා එක්ව ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතිවු ආපදා තත්වයේදී සහන සේවා කටයුතුවල නිරතව සිටි.

වැටුණු ගස් සහ අතු කඩා වැටිම් හේතුවෙන් අවහිර වු මහා මාර්ග යථා තත්වයට පත්කරගැනිමට මේ වන විට භට පිරිස් සමත් වී ඇත.

Read more

Local News